Spread the love


රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් එහි ප්‍රතිලභ ජනතාවට ලබාදිය හැකි අපේක්ෂකයෙක් ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි

අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ ජයග්‍රහණය කිරීමට බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

රටට ගැලපෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා තම බලවේගය ගොඩනගන බවත් පාක්ෂිකයින්ද ජයග්‍රහණය කරන අපේක්ෂකයා ඉදිරිපත් කරන බව දන්නා බවද ප්‍රකාශ කළේය.

අපේක්ෂකයාගේ නම කෙසේ වෙතත් ඡන්ද පත්‍රිකාවේ පොහොට්ටුවේ ලකුණ තිබෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.