ලබන සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹපාලිටිය මහතා පවසයි.
දේශිය පොල්තෙල් නිෂ්පාදකයා ආරක්ෂා කිරීමේ අරමුණෙන් මෙම බද්ද පැනවෙන බවයි අද සවස මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූයේ.
මෙම බද්ද දැනට සාකච්ඡා කර ඇති පරිදි ලීටරයක්ට රුපියල් 25 ක් විය හැකි බවද අමාත්‍යවරයා එහිදී පැවසුවා.