අස්වැසුම සුබසාධක ප්රතිලාභ ල බා ගැනීම සදහා අලුතින් 450,000 පමණ අයදුම්කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. .
සංගණන කටයුතු සිදුකිරීමෙන් පසු කමිටුවක් මගින් අස්වැසුම ලබාගත හැකි අයදුම්කරුවන් තෝරා ගැනීමට නියමිතයි.
තෝරාගත් ප්රතිලාභීන් සඳහා පවතින විරෝධතා සැලකිල්ලට ගැනීමෙන් පසු ඒ සඳහා යම් ඉවත් කිරීමක් ඇත්නම් ඒවා ද සිදුකර අස්වැසුම ලබාගන්නා ප්රතිලාභීන් තෝරාගැනීම සිදු කෙරෙන බවයි සඳහන් වෙන්නේ.
මේ වනවිට ප්රතිලාභීන් ලක්ෂ 18ක් පමණ ප්රමාණයක් සඳහා අස්වැසුම පළමු අදියර යටතේ දීමනා ලබා දෙන බවද පවසයි.