Spread the love

ආර්ථික වශයෙන් කඩා වැටුණු රටේ ජනතාව ජීවත් කරවීම සඳහා “අස්වැසුම” සහ “උරුමය” වැඩසටහන් මඟින් විශාල කාර්යභාරයක් සිදු කරමින් තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

අස්වැසුම හිමි විය යුතු සියලු දෙනාට කඩිනමින් එම සහනය ලබා දීමට කටයුතු කරන බවයි අස්වැසුම” වැඩසටහන ක්‍රියාත්මකවීම පිළිබඳ සොයා බැලීමේ හමුවකට මාතලේ, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ පෙරවරුවේ එක් වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

එමෙන්ම “අස්වැසුම” සහ “උරුමය” වැඩසටහන නිවැරදිව ජනතාව අතරට ගෙන යාම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සහාය අවශ්‍ය බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.