Spread the love

මහනුවර අස්ගිරි මහා විහාරයේදී  අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා මහනායක ස්වාමින්වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ ජන්ම දිනයට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා ඊයේ (18) සුභාශිංශන පිරි නැමුහ.

එහිදී අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා මහනායක වහන්සේගේ ජන්ම දිනයට ජනාධිපතිතුමාගේ, අග්‍රාමාත්‍යවරයාගේ සහ සමස්ථ රජයේ සුභාශිංසන එක් කළේය.  

පළාත් ආණ්ඩුකාරවරයා මහ නා හිමිපාණන්වහන්සේ සමග සුහද කතාබහක ද නිරත වෙමින් මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රීක්කයන්හී ඉදිරි සංවර්ධන සැලසුම් සම්බන්ධයෙන්  ද ආණ්ඩුකාරවරයා මෙහිදි මහා නාහිමිපාණන්වහන්සේ දැනුවත් කිරීම සිදුවිය.

මෙම අවස්ථාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ද සහභාගී වුවාය.