Spread the love

නිමල් රාජපක්ෂ-

එළඹෙන සිංහල අවුරුදු සමයේ නීති විරෝධි මත්පැන් ජාවාරම් කරුවන් නිතියේ රැහැනට ගැනීම සදහා සුරාබදු දෙපාර්මේන්තුව විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති අතර බලපත්‍ර කොන්දේසි කඩකර හසුවුවහොත් තරා තිරම නොබලා බලපත්‍රය අත්හිටුවන බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් නීති චන්න වීරක්කොඩි මහතා පවසයි.
අදාල කාලසීමාවේ හෝටල් ආපනශාලා හා රටබීම හල්වල නිති විරෝධී ලෙස මත්පැන් තිබේද යන්න පිළිබද සොයා බැලීමට සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ ගුනසිරි මහතා විශේෂ සුරාබදු කණ්ඩායම් යොදවන අතර ජනතාව මිලදි ගන්නා ලද මත්පැන් නියම ප්‍රමිතියෙන් තිබේද යන්න සොයා බැලීම සිදු කරන බවද චන්න වීරක්කොඩි මහතා පවසයි.

අදාල කාලසීමාවේ නීති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් නීතියේ රැහැනට ගැනීමද සිදු කෙරෙන අතර නීති විරෝධී මත්ජාවාරම කරුවන් පිළිබද 1913 දුරකථන අංකයට කිසිදු බියක් නොමැතිව තොරතුරු ලබා දෙන්න .තොරතුරු ලබා දෙන්නාගේ රහස්‍ය භාවය රකින බවද නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් වරයා වැඩි දුරටත් පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු චන්න වීරක්කොඩි මහතා ,