Spread the love

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් 779 දෙනෙකු රාජ්‍ය සමාව යටතේ නිදහස ලබාගැනීමට නියමිතයි

විශේෂ රාජ්‍ය සමාවට සුදුසුකම් ලබන සිරකරුවන් 768 දෙනෙකු සහ සිරකාරියන් 11 දෙනෙකු සිටීන බව බන්ධනාගාර දෙපාර්තුමේන්තුව පවසයි.     

මේ අතර මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව අද දිනයේදී ද ඥාතීන්ට ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එහිදි රැඳවියන්ගේ ඥාතීන් විසින් නිවසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදීමට හැකි වෙයි..

පවතින නීතිරීති හා නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් යටතේ අදාළ ද්‍රව්‍ය රැඳවියන් වෙත ලබාදීමට නියමිතය