Spread the love

හදිසි අනතුරකට ලක්ව මේ වන විටත් ජාතික රෝහලේ දැඩි සත්කාරයේ, ප්‍රතිකාර ලබමින් සිටින ‘ජැක්සන් ඇන්තනී’ කලාකරුවා ගැන නැවත වතාවක් සමාජ මාධ්‍ය තුළ අතිශය ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවී තිබෙනවා.

ඊට ආසන්නතම හේතුව වූයේ සිය ‘දියණිය’ අහිමි කරගත් මවක් විසින් සමාජ මාධ්‍යයේ පළ කෙරූ ‘සංවේදී’ සටහන යි.

ඉන් අනතුරුව ඒ මවගේ ‘සමාජ මාධ්‍ය සටහන’ට ඇන්තනී පුත් ‘අකිල ධනුද්දර’ ප්‍රතිචාර දක්වා තිබූ අතර, එහිදී ‘සමාජ මාධ්‍ය පරිශිලකයින්’ ඔහුට ද පෙරළා පහර දෙන්නට පටන් ගත්තා.

facebook
අපි ජැක්සන්ට ආදරෙයි…. ඔයා ආදරෙයි නම් එහෙම කරන්න.

එසේම අකිල මෑතක රූපවාහිනි නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් සිය පියා වන ‘ජැක්සන් ඇන්තනී’, ඇඟිලි සොළවමින් යම් යම් ප්‍රතිචාර දක්වන බවත්, ඉක්මණින් සුව වෙමින් සිටින බවත් කියා තිබුණා.

මේ අතර, ජැක්සන් දැන් සිටින ‘තත්ත්වය’ ගැන රහසිගත තොරතුරු බොහෝමයක් හෙළි පෙහෙළි කරමින්, රංගන ශිල්පී සුදත්ත තිලකසිරි ඔහුගේ ‘යූටියුබ්’ නාලිකාවේ මීට පැය කිහිපයකට පෙර දී ‘වීඩියෝවක්’ උඩුගත කර තිබුණා.

සති කිහිපයකට පෙර දී ‘ජැක්සන්’ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවති බවත්, ජැක්සන්ගේ බිරිඳ කුමාරි මුණසිංහ ද අදාළ සාකච්ඡාවකට එක්ව ඇති බවත් ‘සුදත්ත’ සිය වීඩියෝවේ සඳහන් කරනවා.

සති කිහිපයකට උඩදි සාකච්ඡාවක් පවත්වලා තියනවා, කුමාරි මුණසිංහත් සහභාගි වෙලා තියනවා.

‘ජීවිත යථාර්තය අපිට දැනිලා තියනවා, මිනිස්සුන්ට දැනිලා තියනවා. ජැක්සන් ඇන්තනී දැන් දවස් 500 ගාණත් පැන්නා. අවුරුදු එකහමාරක් අයිසීයූ එකේ ඉන්නවා. අපිට ලැබිච්ච ආරංචි අනුව, දැන් සති කිහිපයකට උඩදි සාකච්ඡාවක් පවත්වලා තියනවා, කුමාරි මුණසිංහත් සහභාගි වෙලා තියනවා. ඇය විරෝධය පළ කරලා තියනවා, ඇය හෙළි කරලා තියනවා, වෛද්‍යවරුන් අතින් සිදුවුණු ඇතැම් සිදුවීම්… අපිට දැනගන්න ලැබුණා (මේක සත්‍ය වෙන්නත් ඇති…) වෛද්‍යවරු මොළේ ස්කෑන් කරලා බැලුවම, මොළේ මැරිලා කියලා තමයි කියලා තියෙන්නෙ…’

‘අපි උදවු කරන්නම් අපි හදලා දෙන්නම් අයිසීයූ එකක්. කුමාරි අක්කට තියෙන්නෙ ගෙදරට වෙලා බලාගන්න. එතකොට නිදහසේ කිරිල්ලියක් වගේ යන්න බැරි නිසාද? එහෙම නොකරන්නෙ. අපි ජැක්සන්ට ආදරෙයි…. ඔයා ආදරෙයි නම් එහෙම කරන්න. තව කී දෙනෙක් අයිසීයූ එකේ ඇඳවල් නැතුව අවසන් ගමන් ගිහින් ඇද්ද. ඒකේ පව කරගහන්න වෙන්නෙ කාටද? ජැක්සන් ට නෙවෙයි, කුමාරි සහ දරු තිදෙනා…’

මේ අතර, එක්සත් පුරවැසි සංවිධානයේ කැඳවුම්කරු චමීර පෙරේරා ද ‘ජැක්සන් දින ගණනාවක්’ රෝහල්ගත කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් සිදු කර තිබුණා.

ඔහු සඳහන් කළේ මේ සියල්ල ‘රාජපක්ෂවරු ඇති කෙරූ පාදඩ සංස්කෘතියක’ ප්‍රතිඵලයක් බවයි.

‘ඇන්තනී පවුලට වඳින්න ඔිනි අයිසීයූ එකේ ඇඳක් ගන්න. රාජපක්ෂලාගේ ප්‍රශස්ති ගී ගයපු පවුලකට ඒක දීලා. මෙන්න රාජපක්ෂලා හදපු රට. අඩුම ගානේ පපු කැවුත්තක් තියෙන්න එපැයි.. යකෝ මේක මැරිලා ඉන්නෙ දැන් කියලා.. රාජපක්ෂලා හදපු පාදඩ සංස්කෘතියක මේක.. අපි වැළලිලා ගියත් උන්ට ගාණක් නෑ. තාත්තා දින 500ක් ඇඳේ හිටියත් උන් සියලු ආතල් ගන්නවා…’