Spread the love

දිවයින පුරා අවදානම් පාසල් ගොඩනැගිලි 74ක් හඳුනාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

දිැනටමත් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සහ තංගල්ල බාලිකා විද්‍යාලයේ තිබූ අබලන් ගොඩනැගිලි ද හඳුනාගෙන ඒවා ඉවත්කර නව ඉදිකිරීම් කිරීම කිරීමට නියමිතයි

තම පාසල් වල අබලන් ගොඩනැගිලි ඇත්නම් ඒවා සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙසත් සිසුන් එවැනි ගොඩනැගිලි වලින් ඉවත්කර ඔවුන්ගේ ආරක්ෂාව සලසන ලෙසත් විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ.

විශේෂයෙන් ම 2019 සිට වසර 4ක් පාසල් ගොඩනැගිලි අලුත්වැඩියාව සහ නව ඉදිකිරීම් සඳහා රජයෙන් ප්‍රත්පාදන ලබා නොදීම හේතුවෙන් එම තත්ත්වය ඇතිවී තිබේ.

වැල්ලම්පිටිය වේරගොඩ, විද්‍යාලයේ පළමු වසරේ දැරියක් එහි ජලකරාම සවිකර තිබූ බැම්මක් පෙරළීමෙන් ඊට යටවී ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව පැවසුවේය.