Spread the love

“රටක දේශපාලනය කියන්නේ කාලගුණය වගේ නිතර වෙනස් වන දෙයක්. ඉදිරි මාස දෙකේදී දේශපාලන වෙනස්කම් රැසක් සිදුවන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස ජනාධිපති තරගයට තරග කරන්නේ නෑ. තරගය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහත්, අනුර කුමාර දිසානායකත් අතරයි.” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ ‘අදිටන විශ්‍රාමික රණවිරු’ නම් රත්නපුර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

“ඉදිරියේදී පත්වන ඕනෑම මැතිවරණයකට ජාතික ජන බලවේගය සූදානම්. පොහොට්ටුවේ සිටින සමහර නායකයන් ඇමැතිකම්වලට ආණ්ඩුවට හේත්තු වෙලා සිටියත් පොහොට්ටුවේ පහළ මට්ටමේ අය අද ජාතික ජන බලවේගය සමඟ එක් වෙලා ඉන්නවා.

නිදහසින් පසු මේ රට පක්‍ෂ දෙකක් විසින් මාරුවෙන් මාරුවට පාලනය කළා. ඒ පිරිස තවත් වසර 5ක් රට පාලනය කරන්න උත්සායක යෙදෙනවා.