Spread the love

ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ අලුත් කඩේ සිවිල් අභියාචනාධිකරණ සංකීර්ණයේ ගින්නක් හටගෙන තිබේ.

ආරක්ෂක නිලධාරියා ඒ පිළිබඳව කෙසෙල්වත්ත පොලීසිය දැනුවත් කිරීමෙන් පසු, ගිනි නිවීම් සේවා රථ පැමිණ ගින්න නිවා දමා ඇත.

ගින්නෙන් අධිකරණයේ දේපොළවලට කිසිදු හානියක් සිදුව නැතැයි, පොලීසිය සඳහන් කළේ ය.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක පල කරන බවයි පොලීසිය පවසන්නේ.