Spread the love

එළඹෙන පහළොස්වැනිදාට වන සත්ව සංගණන යොදාගෙන ඇත්තේ විෂය ප්‍රවිණයන්ගෙන් මෙන්ම පරිසරවේදීන්ගේ එකඟතාවය මත බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරැණාරත්න මහතා සඳහන් කරයි.

විනාඩි පහක් වැනි කෙටි කාලසීමාවක් ඒ සඳහා යොදාගත්තේ එක්ම එකම සත්වයා කිහිපවතාවක් ගණන් ගැනීම මගහරවා ගැනීමට බවද ඔහු පැවසීය.

අලුත් අවුරුදු නැකතට මුළු රටම එකට කටයුතු කරන්නා සේම දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේ සියලු දෙනාම එකට එක වෙලාවක වැඩ කරන්නා සේම මෙවරක් පහළොස්වැනිදා උදේ අටට වන සතුන් ගණන් කිරීමට එක්වන ලෙසත් ඔහු ඉල්ලා සිටී.