Spread the love

නාගොඩ- සුමන

පැවති වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 13 අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 47 පවුල් 5930ක අයත් පුද්ගලයන් 17599 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්ය මාධ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
යාපනය ,මන්නාරම ,කිලිනොච්චිය,ත්‍රිකුණාමලය ,බදුල්ල,මොණරාගල,නුවරඑළිය ,අනුරාධපුරය ,මඩකලපුව ,අම්පාර ,වව්නියාව ,කුරුණෑගල සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක සඳහා අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ලවී තිබේ.
ඒ අනුව ජල ගැලීම්,තද සුළං, ගංවතුර, ගස් හා කණ්ඩි කඩා වැටීම හේතුවෙන් එම ආපදා සිදුව තිබේ.
ආරක්ෂිත ස්ථාන 11ක් තුළ පවුල් 141 අයත් පුද්ගලයන් 434 දෙනෙකු රඳවා සිටියී.
ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් ලබාදීමට කටයුතු කර තිබේ.
අර්ධ නිවාස හානි 120ක් වාර්තා වී තිබේ.
ආපදා හේතුවෙන් මේ වනවිට පුද්ගලයකු මියගොස් තිබේ.
තවත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්ය මාධ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.