නාගොඩ- සුමන
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 05 බලපෑම් එල්ලවී ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
අනුරාධපුර ,කිලිනොච්චිය ,කුරුනෑගල ,නුවරඑළිය සහ ගාල්ල යන දිස්ත්‍රික්ක වලට බලපෑම් එල්ලවී තිබේ.
එම දිස්ත්‍රික්ක වල පවුල් 325 අයත් පුද්ගලයන් 910 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.
ආපදා හේතුවෙන් පවුල් 09 අයත් පුද්ගලයන් 46 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වල රඳවා සිටින බව පැවසීය.
හදිසි ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා ත්‍රිවිධ හමුදා කණ්ඩායම් සූදානම් කර ඇතිබව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යංශය පවසයි.