Spread the love

දිස්ත්‍රික්ක 12 කට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 34,492 කින් පුද්ගලයින් 134,484 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

මේ වන විට පවුල් 1,753 ක පුද්ගලයින් 6,963 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 81 ක රඳවා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් එක් නිවසකට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානිවූ නිවාස සංඛ්‍යාව 240 කි.