Spread the love

ගාල්ල දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණ හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09කට අයත් පවුල් 96 පුද්ගලයන් 307 දෙනෙකු පීඩාවට පත්ව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් ඒකකය පවසයි.

වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එක් අයෙකු පැවති ජල ගැලීම් හේතුවෙන් සැඩ පහරට හසුව ගසා ගෙනගොස් මියගොස් තිබේ.අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස 55 අර්ධහානි සිදුව තිබේ.

පීඩාවට පත්වූවන්ට අවශ්‍ය සහන කටයුතු මේවන විට ක්‍රියාත්මක කර තිබේ.

පැවති ජල ගැලීම් මේවන විට සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් ඒකකය පවසයි