Spread the love

උග්‍ර ආර්ථික අර්බදයකින් මිදීම සඳහා සියලු පාර්ශ්ව කැපවීම් කරන මොහොතක අයවැය පරතරයේ නීත්‍යානුකූලභාවය ප්‍රශ්න කිරීමට ගැටලුවක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ ගෙවී ගිය දශක දෙකක කාලය තුළ පැවැති ආණ්ඩු ඉදිරිපත් කළ සෑම අයවැයක් ම අදාළ අයවැය පරතරය පවත්වාගෙන යාමට අපොහොසත් වී ඇති බවයි.

අයවැය හිඟය 05% ක පවත්වා ගත යුතු බවට 2003 අංක 03 දරණ රාජ්‍ය මුල්‍ය කළමනාකරණ වගකීම් පනතේ සඳහන්ව ඇත. එහෙත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකියි. පසුගිය වර්ෂ 20ටම සාපේක්ෂව අයවැය හිඟය 05% ඉලක්කයක පවත්වාගෙන යාමට හැකිවූයේ 2016 සහ 2017 වර්ෂවල පමණයි. එලෙස පවත්වාගෙන යාමට නම් බරපතල ලෙස වියදම් කප්පාදු කොට ආදායම් උපයාගත යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

බිලියන 65ක පැවති ජනතා සුබසාධන වියදම මෙම වසරේ බිලියන 209 දක්වා ඉහළ ගොස් ඇත. එසේ ම වගේම 8.3%ක පැවති රාජ්‍ය අදායමේ අනුපාතය මෙම වසර අවසානය වන විට 10.1%ක් දක්වා ඉහළ දැමීමට හැකියාව ලැබී තිබේ. 2024 අයවැය ලේඛනය ක්‍රියාත්මක කිරීමෙන් පසු එම වසර අවසානය වන විට එය 12.3% ක් දක්වා වර්ධනය කරගත හැකියි. කුමන පාර්ශවයක් බලයට පැමිණිය ද රාජ්‍ය ආදායම් වර්ධනයකින් තොරව රටක් පවත්වාගෙන යා නොහැකි බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.