Spread the love

2023 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 121 සහ විපක්ෂව ඡන්ද 84ක් හිමිවිය.

ඒ අනුව අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 37කින් සම්මත වූ බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැන්විය.

එක් මන්ත්‍රීවරයෙක් ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණ සිටියේ නැත.

ඡන්ද විමසීම අද (22) පස්වරුවේ පැවැත්වුණි.

ලබන වසර සඳහා වන අයවැය පසුගිය 14 වන දින මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 15 වන දින ආරම්භ වූ අතර 07වන දිනටත් අද දිනයේ විවාදය පැවැත්වුණි.

විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්විය.

අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙට (23) දිනයේ සිට දෙසැම්බර් 08 වන දින දක්වා දින 13ක කාලයක් පැවැත්වෙන අතර තුන්නන වර කියවීමේ ඡන්ද විමසීම එදින පස්වරු 5ට පැවැත්වීමට නියමිතය.