Spread the love

2022/23 අධ්‍යයන වර්ෂ සඳහා විශ්ව විද්‍යාල සඳහා අයදුම්පත් භාරගැනීම අදින් (05) අවසන් වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

පසුගිය සැප්තැම්බර් 14 දින සිට සති තුනක කාලයක් මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් භාරගැනීම සිදුකෙරිණ.

ඒ අනුව අදින් පසු යළි අයදුම්පත් භාර ගැනීම දීර්ඝ නොකරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග වැඩිදුරටත් පැවසුවේය..