Spread the love

වයස අවුරුදු තුනහමාරක පිරිමි දරුවෙකුට පහරදී නිදි යහනේදී ගෙල මිරිකා ඝාතනය කල අයෙකු ගෙලවැලලාගෙන මියගොස් ඇතැයි මීගහතැන්න පොලිසිය පවසයි .

වයස අවුරුදු තුනයි මාස හයක් වයසැති එම්.නෙතුම් සස්සර නැමති පිරිමි දරුවෙකු ඝාතනය කල හලෝවිට හේවගේ සචිත්ත නමැති 21 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ සියදිවි හානි කරගෙන මියගොස් ඇතැයි බව පොලිසිය කීය.

මියගොස් ඇති දරුවාගේ මව පියාගෙන් වෙන්ව ගෙල වැලලාගෙන මියගොස් ඇති පුද්ගලයා සමග එකට ජීවත්වන බවද සදහන් වේ.

ඇය (12) උදෑසන සිය 10 හැවිරිදි දරුවා පාසලට ඇරලවා නිවසට පැමිණෙන අතරතුර ඝාතනය සිදුව ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයි පොලිසිය කීය.