Spread the love

අම්බලන්ගොඩ අඳාදොළ පන්සල පාර ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුකර තිබේ.

වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩිප්‍රහාරය එල්ලවී ඇති බවය.

වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුව නොමැති අතර යතුරු පැදියට හානි සිදුව තිබේ.

පොලීසිය සැකපළකරන්නේ යතුරුපැදියකින් පැමිණි අයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවටය.