Spread the love

ජනාධිපතිධුර අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සිදුවුවහොත්, අභියෝගය භාරගන්නා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

දේශය වෙනුවෙන් එක්වන පියවරක් මත පදනම්ව පුළුල් දේශපාලන සන්ධානයක් ඇතිකිරීම අපේක්ෂාව බවත්, එහිදී එක්සත් ජනරජ පෙරමුණ කොටස්කරුවෙකු පමණක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පොදු එකඟතා මගින් දේශපාලන සන්ධානය පවත්වාගෙන යාම අරමුණ වන අතර එහිදී සාමූහික නායකත්වයක් නිර්මාණය කෙරෙන බවත් ඒ යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සහ අපේක්ෂකයා තෝරා ගැනීම සිදුවනු ඇති බවදපැවසුවේය.

රටේ අර්බුද විසඳීමට ඉදිරිපත්ව, ජනාධිපතිධුරාපේක්ෂකයා වෙන්නැයි සාමූහික නායකත්වය ඉල්ලා සිටියහොත්, අභියෝගය භාර ගැනීමට සූදානම් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.