Spread the love

බත්තරමුල්ල සමුපකාර රක්ෂණ සංස්ථාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩ භාරගැනීමට අද පෙරවරුවේ යමින් සිටි දර්ශන සමරවික්‍රම නැමැති අයෙකුට වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා හෝමාගම රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළු කර තිබේ.
වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා සිය නිවසේ සිට වල්පිට ගැමුණු මාවතට සිය මෝටර් රථය ඇතුළු කිරීමට සූදානම් වූ අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු පිස්තෝලයකින් වෙඩි ප්‍රහාර හතරක් එල්ල කර ඇති බව සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වූ බවද මීගොඩ පොලීසිය සඳහන් කරයි

රෝහල් ගත කළ පුද්ගලයාගේ අතකට තුවාල සිදුව ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවද ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය පිළිබද නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ මීගොඩ පොලීසියේ අපරාධ විමර්ශනය ඒකකයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.