Spread the love

තමන් ඇතුළු පිරිස හමුදා කණ්ඩායමට සහ පොලීසියට බයවුණු බව, හොරුන් රකිනා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිතාගෙන සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි

ඔක්තොබර් 16 වනදායින් පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයේ නොමැති බවත්, නිදහසේ විශ්‍රාම සුවයෙන් සිටීමට අවශ්‍ය නම් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ලෙසයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව තමන් ඇතුළු පිරිස යළිත් පැමිණෙන අතර මෙය ආරම්භයක් පමණක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් වැඩිදුරටත් සඳහන් කළේ.