Spread the love

වගේම අප මෙරට තිබෙන සංචාරක අවස්ථා පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

එසේම කොළඹට පැමිණෙන සංචාරකයන් රඳවාගැනීම කෙරෙහිද අවධානය යොමු කළ යුතුයි. මේ වන විට කොළඹට පැමිණෙන සංචාරකයින්ට සිදුවන්නේ ගංගාරාම විහාරය, කෞතුකාගාරය සහ නිදහස් චතුරස්‍රය වැනි සීමිත ස්ථාන කිහිපයක් නරඹා යාමටයි. අප ඔවුන්ව කොළඹ රඳවාගැනීමට නම් නව සැලසුම් සකස් කළ යුතුයි. එම සැලසුම් විනෝදාස්වාදය, සංගීතය හා ආහාර සමග සකස් විය යුතුයි.

තවද ඉදිරියේදී කොළඹ ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයේ සිට නිදහස් චතුරශ්‍රය දක්වා වන ප්‍රදේශය නව ආකාරයට පරිවර්තනය වනු ඇතියි. දැනටමත් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් මහනුවර බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය සඳහා අපට යෝජනාවක් ලැබී තියෙනවා. ඒ වගේම කොළඹ, මහනුවර ඇතුළුව රට පුරා මෙතෙක් අවධානයට ලක් නොවූ නමුත් සංචාරක ආකර්ෂණය ලබාගත හැකි බොහෝ ස්ථාන තිබෙනවා. මෙම ස්ථාන දියුණු කරන්නේ කෙසේද කියා අපේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

මේ සඳහා අලුත් චින්තනයක් අවශ්‍යයි. පරණ මනසින් අපට ඒ වෙත යාමට නොහැකියි. සෑම විටම අලුතින් සංචාරකයින් මෙරටට ආකර්ෂණය කරවා ගැනීම පිළිබඳ හිතන්න. එවිට අපට මිලියන පහේ ඉලක්කය ජය ගත හැකියි. අවම වශයෙන් ඩොලර් 500ක් හෝ 600ක් වියදම් කරන සංචාරකයන් මිලියන පහක් ඉලක්ක කරන්න. අපට එය කළ හැකියි. ඒ සඳහා අපට සීමාවන් නොතිබිය යුතුයි.

අප රාමුවෙන් පිට සිතිය යුතුයි. ඔබ සැමට එය කළ හැකි බව මට විශ්වාසයි. සංචාරකයින් මිලියන 5ක ඉලක්කය ළඟාකර ගත් පසු, ඉහළ ආදායමක් ලැබෙන සංචාරකයින් මිලියන 7.5 ඉලක්කයට යොමු වෙමු. එවිට ඩොලර් 750ක්, 1000ක් වියදම් කරන සංචාරකයන් කෙරෙහි අවධානය යොමු කළ හැකියි”