Spread the love

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත් නැවත මේ රටේ මැතිවරණ නො පැවැත්වෙන බවද හෙතෙම කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයගතහොත් නැවත ඇඟිල්ල පාට කර ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇති බවත් ඔහු පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ ජනරැළියක් අමතමිනි.

විදෙස් රටවල සිට මාලිමාවට ඡන්දය ලබා දීමට ලක්ෂ ගණනක පිරිසක් පැමිණෙන බව පැවසුවද එකී පිරිස මෙරටට මෙතෙක් ළඟා වී නැති බවද පැවසූ ඔහු දැන් එම පිරිස පැමිණෙන්නේ නම් දිනකට ගුවන් යනා පන්දහසක් පමණ කටුනායකට පැමිණිය යුතු බවද කියා සිටියේය.