Spread the love

ජනාධිපතිවරණයට දුසිම් ගණන් අපෙක්ෂකයන් ඉදිරිපත් වුවත් ජයග්‍රහණය කරනු ලබන්නේ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා බව ජන බලවේගය විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා පැවසිය

සමන්ත විද්‍යාරත්න මහතා ඒ බැව් කියා සිටියේ කොත්මලේ කලපිටිය ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්විමක් අමතමිණි.

මෙම රැස්විමේදි අදහස් දැක් වු සමන්ත විද්‍යාරත්න මහතා කියා සිටියේ ලංකා ඉතිහාසය තුල වැඩිම ජනාධිපති අපේක්ෂකයන් පිරිසක් මෙවර ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන බවත්, ඒ සියළු දෙනා අතරින් ජයග්‍රහණය කරනු ලබන්නේ ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක බවයි.

ජාතික ජන බලවේගය ආරම්භ කලේ රටේ රාජ්‍ය බලය ලබා ගැනීමට බවත්, මැතිවරණයට දින 22ක් වැනි කෙටි කාලයක් පැවතියත් තම පක්ෂයේ ජයග්‍රහණය නියත වශයෙන් පෙනෙන බවත්, දෙවන ස්ථානයේ ජාතික සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිටින බවට පෙනි යන නමුන් එය ගණන් නොගත යුතු කරුණක් බවයි.

එසේම විශ්‍රාමික විධායක ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් හා වරප්‍රසාද කප්පාදුව, ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශය හා වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් මෙම රැස්විමේදි දක්වන ලදී.