ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට රටක් පාලනය කිරීමට කිසිදු ජාත්‍යන්තර සම්බන්ධතාවයක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
අඩුම තරමේ මාලදිවයිනේවත් සම්බන්ධතාවයක් අනුර දිසානායක මහතාට නැතැයිද ඔහු පැවසීය.
අද ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ රැස්වීම් සඳහා ජනතාව කැඳවන්නේ බිය ගන්වමින් බවත් ජවිපෙ රැස්වීම් වලට නොපැමිණෙන පුද්ගලයන්ට ඉදිරි මැතිවරණයෙන් පසු කුමක් වේ දැයි නො දන්නා බව පවසමින් ඔවුන් ජනතාව බිය ගන්වන බවත් හෙතෙම කියා සිටියි.
ශ්‍රී ලංකා සංවිධානය කළ ජන හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
11,599 views