Spread the love

අනියම් සැමියාට කප්පම් මුදල් ලබාදීමට නොහැකිව මාස අටක් වයස දියණියද සමඟ දුම්රියට පනින්නට ගිය මවක් විශේෂ කාර්ය බළකාය විසින් බේරාගෙන තිබේ.

අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි දෙදරු මවක් මෙසේ බේරාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඇයගේ සැමියා විදේශගතව සිටින පුද්ගලයෙකු වන අතර කාන්තාව හිටපු පොලිස් නිලධාරියෙකු සමග අනියම් සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇත.

ඔහු සමග හෝටල් කාමර වලට ගොස් ගත කරන ලද අවස්ථා තම ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇති අතර ඒවා සැමියාට යවන බව පවසමින් කප්පම් මුදල් ලබාගෙන ඇත.

ඒ ආකාරයෙන් ඇයගෙන් රුපියල් ලක්ෂ හතරක් පමණ ලබාගෙන ඇති බවත් පොලිසිය කියා සිටී.