.
අනවශ්‍ය ලෙස ලුණු තොග රැස් කරගැනීමෙන් වළකින ලෙස හම්බන්තොට ලංකා ලුණු සමාගමේ නව සභාපති ටී. නන්දන තිලක ජනතාවගෙන් ඉල්ලා සිටී.
ලුණු හිඟයක් පිළිබඳ මේ වනවිට කතාබහක් නිර්මාණය වීම හේතුවෙන් ජනතාව බියට පත්වී ලුණු තොග වශයෙන් නිවෙස් වෙත ගෙන ගොස් තැන්පත් කර ගැනීම් සිදුකරන බවයි ඔහු සඳහන් කළේ.
ලුණු හිඟයක් මතු නොවන බවත් අනියත බියක් ඇති කරගනිමින් ලුණු තොග රැස් කරගැනීමෙන් වළකින ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
මෙම වසරේදී ලුණු නිෂ්පාදනය සැලකිය යුතු අයුරින් අඩු වී ඇති බවත් 2009 යුධමය තත්ත්වයෙන් පසු යාපනය ප්‍රදේශයේ පවතින ලුණු ලේවායයන් දෙක පැවැති කිසිදු රජයක් සංවර්ධනය කර ලුණු නිෂ්පාදනයට යොදා ගැනීමට පියවර නොගැනීම මීට හේතුව බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.