Spread the love

මුල්කිරිගල ගුණරත්න

බෙලිඅත්ත පොලිස් වසමට උණන ,පලපොත මාර්ගයේදී ටිපර් රථයක් විදුලි රැහැන් කණුවක ගැටී එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

අනතුර සිදුවී ඇත්තේඊයේ (26) උදේ 11.30 ට පමණ සිදුවී තිබේ . ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෙලිඅත්ත දික්වැල්ල පාරේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳ සැලක රියදුරෙකු ලෙස සේවය කල කෝංගහවත්ත, කුඩාහීල්ල ,බෙලිඅත්ත ලිපිනයේ පදිංචි විදානපතිරණගේ පියදාස නමැති 70 හැවිරිදි සිවුදරු පියෙකි .

ඔහු බෙලිඅත්ත උණන ප්‍රදේශයට ගොස් ටිපර් රථයේ ගල් පටවා ගෙන දික්වැල්ල ප්‍රදේශයට යන අතරතුරදී මෙම අනතුර සිදුවී ඇත.
ටිපර් රථය විදුලි රැහැන් කණුවේ ගැටුණු පසු එයට යාබදව සවිකර තිබූ තවත් විදුලි රැහැන් කණු දෙකක් පමණ මාර්ගයට ඇද වැටී තිබුණු බවද පොලිසිය පැවසීය .
ටිපර් රථයේ රියදුරු බෙලිඅත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය .
බෙලිඅත්ත පොලිසීය වැඩි දුර පරික්ෂණ පවත්වයි.