Spread the love

මුල්කිරිගල , ගුණරත්න

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේඊයේ (5) රාත්‍රි 8.30 ට පමණ මෝටර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා බෙලිඅත්ත රෝහලට ඇතුළු කර තිබේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ ලිඅත්ත වහරක්ගොඩ පදිංචි 72 හැවිරිදි බී.ජී.ආරියපාල නමැති පුද්ගලයකු බව පොලීසිය පවසයි.
තුවාල ලැබුවන් අතර රියදුරන් දෙදෙනා කානාතාවන් දෙදෙනකු හා තවත්පුද්ගලයක් (62.24,27.26 හා 46 යන වයස් කාණ්ඩවල)ප්‍රකිකාර ලබනු ඇත.
බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්ශංක සිල්වා මහතාගේ උපදෙස් පරිදිරථවාහන අංශයේ නිලධාරින් සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි .