Spread the love

ඇඹිලිපිටිය ගලවංගුව ප්‍රදේශයේදී බීමත් පුද්ගලයෙක් පැදවූ මෝටර් රථයක් වාහන 5ක ගැටීමෙන් බිහිසුණු අනතුරකින් 73 න් හැවිරිදි පුද්ගලයකු මියගොස් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ එම මෝටර් රථය, ත්‍රිරෝද රථ 3ක, යතුරුපැදියක සහ තවත් මෝටර් රථයක ගැටී ඇති බවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ බීමතින් රිය පැදවූ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ඇති බවයි