Spread the love

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී වෙඩි තැබීමක් සිදු කර තිබේ.

ඩිෆන්ඩර් වර්ගයේ රථයක් ඉලක්ක කර ඇති මෙම වෙඩි තැබීමෙන් එම ස්ථානයේදී සිවු දෙනෙකු මිය ගොස් ඇත. තවත් පුද්ගලයෙකු රෝහලේදී මිය ගොස් තිබේ.

ජීප් රථයේ අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා ද සිට ඇති බවද වාර්තා වෙයි.

වෙඩි තැබීම සිදු කර ඇත්තේ කැබ් රථයකින් පැමිණි පිරිසක් විසිනි.

අධිවේගී පිවිසුම ආසන්නයේම පිහිටි වෙළෙඳ සැලක් තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇත. මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු වෙළඳසැල තුළ සහ වාහනයේ ඇතැයිද පොලීසිය සඳහන් කරයි.