Spread the love

අප්‍රේල් මස දහවෙනිදා සිට මේ දක්වා කාලය තුළ මෙරට අධිවේගී මාර්ගවල ආදායම මිලියන 200ට ආසන්න වී තිබේ.

අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු ඒකකය සඳහන් කරන්නේ මෙම කාලයේදී වාහන ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් අධිවේගී මාර්ග භාවිතා කර ඇති බවයි.

එම කාලසීමාවේදී මෙම ආදායම උපයා ඇති අතර උත්සව සමයේදී අධිවේගී මාර්ගවල වාහන ධාවනය කිරීම විශාල ලෙස ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ පමණක් අධිවේගී මාර්ගවලින් හාරකෝටි හතලිස් ලක්ෂයක ආදායමක් ලබා ඇත.