Spread the love

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පස් කන්ද කඩා වැටුනු ප්‍රදේශයේ පස් ඉවත් කර පළමුව එක් මංතීරුවක් පමණක් විවෘත්ත කිරීමට කටයුතු කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආසිරි කරුණාවර්ධන මහතා පැවසීය.

එසේ විවෘත්ත කර අවධානම් තත්ත්වයක් නොමැතිනම් ක්‍රමයෙන් අනෙකුත් මන්තිරු විවෘත්ත කිරීමට පියවර ගන්නා බව පැවසීය.

තවමත් පස් කන්ද කඩා වැටුනු ප්‍රදේශයෙන් ජල පහරක් ගලා එන බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.