Spread the love

අධිවේගී මාර්ගයන්හි ඇතැම් වාහන මන්දගාමීව ගමන් කිරීම හේතුවෙන් රිය අනතුරු සිදුවන බවත් එනිසා එය අධිවේගී මාර්ගවල අවම වේග සීමාවක් පැනවීමට පියවර ගන්නා බවත් ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

පැයට කිලෝ මීටර සියයක් ලෙස උපරිම වේග සීමාවක් පනවා ඇතත් මෙතෙක් අවම වේගයක් පනවා නැති බවද ඔහු පැවසීය.

අධිවේගී මාර්ගයන්හි බොහෝ අනතුරැ සිදුවන්නේ සෙමෙන් ධාවනය වන වාහන පසුකර යාමේදී බවත් එම අනතුරු වැළැක්වීම සඳහා අවම වේග සීමාවක් නම් කිරීම වැදගත් බවත් හෙතෙම කියා සිටී.

මේ පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා පොලිසිය වැනි අදාල ආයතන සමග සාකච්ඡාවක් පැවැත්වූ බවත් ඊට අදාළ නව නීති සති දෙකක් ඇතුළත ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළේය.