Spread the love

ශ්‍රී ලංකාවේ නීතියේ අධිපත්‍ය සම්බන්ධයෙන් ඉදිරි මාස කිහිපය තුළ ගැටලු රැසක් මතුවෙමින් ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පවසයි.

අධිකරණය ලබාදී ඇති ඇතැම් නියෝගවලට අවනත නොවී විනිශ්චයකරුවන් පීඩාවට පත්කිරීමට විධායකය උත්සහා කරමින් ඇති බවයි වැලිගම පැවති උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේ.

ඒ අනුව නීතීඥ වෘත්තියන් ලෙස ඊට එරෙහිව කටයුතු කළ යුතු බවත් අධිකරණයේ ස්වාධීනත්වයට විධායකය විසින් ඇඟිලි ගැසීමට ඉඩ ලබා නොදිය යුතු බවද ජනාධිපති නීතීඥ සාලිය පීරිස් සඳහන් කරයි.

විධායකය අධිකරණයේ තීන්දුවලට අවනතවීමක් සිදු නොවන්නේ නම්, සාමාන්‍ය ජනතාව අධිකරණ තීන්දුවලට අවනතවීමක් සිදුවේවිද යන ගැටලුව මතුවන බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් වැඩිදුරටත් පැවසුවේය.