Spread the love

ගල්කිස්ස අධිකරණයට ලබා දී ඇති විදුලි සැපයුමෙන් චංචනික ලෙස මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසට විදුලිය ලබාගෙන ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එම ස්ථානයේ විදුලි සැපයුමේ ගැටලුවක් ඇති වූ අවස්ථාවේ අමාත්‍යාංශයේ විදුලි කාර්මික ශිල්පියා එහි ගිය අවස්ථාවේදී ඔහුද ඔහුටද එම අනවසර විදුලි සැපයුමෙන් විදුලිය වැදී නොමැරී බේරුණු බවත් අමාත්‍යවරයා පවසයි.

මෙසේ විදුලිය අනවසරයෙන් සැපයුමකින් අර ලබාගෙන ඇත්තේ ලාභයක් ලබා ගැනීමට බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊට අමතරව ජල සැපයීමටද වංචනික ආකාරයෙන් සම්බන්ධ කර තිබූ බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි.

එමෙන්ම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවකු සිටිද්දී අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තිබූ රුපියල් කෝටි විස්සක විස්කි බෝතල් අතුරුදහන් වී තිබූ බවද එම සේප්පුව විවෘත කර තිබුණේ ඊට අදාළ නිවැරදිම යතුරෙන් බවත් අමාත්‍යවරයා තවදුරටත් එහිදී කියා සිටියේය.