Spread the love

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මගින් සංවිධානය කරන මහජනතාවට අවශ්‍ය නීතිමය ලියවිලි ලබාදීමේ ජංගම සේවාවක් නුවරඑලිය නගර සභා ශාලාවේ පැවැත්විණ.

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජංගම සේවය පැවැත්විණ.

මෙම ජංගම සේවයේදි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව, නීති ආධාර කොමිෂන් සභාව, සමථ මණ්ඩල කොමිසම, හානි පූර්ණය සඳහා වන කාර්යාලය, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය යන ආයතන වලින් අවශ්‍ය සේවා ලබාගැනීමට මහජනතාවට හැකියාව ලැබිණ.

ලියාපදිංචි නොකළ උපත් ලියාපදිංචි කිරීම, උප්පැන්න , විවාහ සහ මරණ සහතිකවල පිටපත් ලබා ගැනීම, ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම, සංශෝධන ඉදිරිපත් කිරීම සහ අස්ථාන ගත්වු ජාතික හැඳුනුම්පත්වල දෙවන පිටපත් ලබා ගැනීම, නීති ආධාර සේවාවන්, සමථ මණ්ඩල සහ ණය සහනදායක මණ්ඩල පිළිබඳව දැනුවත් කිරීම ඇතුළු කටයුතු මෙහිදී සිදු කිරීමට මෙහිදි සිදු විය ,

මෙම අවස්ථාව සදහා අධිකරණය රාජය අමාත්‍ය අනුරාත ජයරත්න රෙජිස්ටර් දෙපාර්තමේන්තුව , පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව , සමථ මණ්ඩලය ඇතුළු රජ්‍ය ආයතන රැසක ප්‍රධානීන් සහ ලේකම්වරුන් සහභාගි වී සිටියහ .