Spread the love

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සඳහා තාවකාලිකව සිසුන් ඇතුළත් කර ගැනීමේ ජාතික වැඩසටහනට සමගාමී මධ්‍යම පළාත් උත්සවය විල්ගමුව අධ්‍යාපන කලාපයේ නාමිණිඔය මධ්‍ය මහා විද්‍යාලයේදි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ  ප්‍රධානත්වයෙන් (4)  පැවත්විය.

මෙම වැඩසටහන සදහා තෝරාගනු ලැබූ   1 ab වර්ගයේ පාසලක් වන  නාමිණිඔය මධ්‍ය මහ විද්‍යාලයේ උසස් පෙළ  අධ්‍යයන කටයුතු වෙනුවෙන් තාක්ෂණ අංශය සඳහා 133 ක්,  කළා අංශය 83ක්,  විද්‍යා අංශය 32ක්, ගණිත අංශය  21ක් සහ වාණිජ අංශය 24 බැගින් සිසුන් 303 ක් තෝරාගෙන තිබේ. ඉංග්‍රීසි මාධ්‍ය විෂය හැදැරීමේ අවස්ථාව ලබාදීමටත් නියමිතය. මෙම විද්‍යාලයේ  ප්‍රධාන ශාලාවේ අළුත්වැඩියා කිරීම වෙනුවෙන් සදහා රුපියල් මිලයන මිලියන 03 ක මුදලක් වෙන් කිරීමට ද මධ්‍යම පළාත් සභාව කටයුතු කර ඇත.

මෙහිදි අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා සදහන් කර සිටියේ, රජයේ පාසල් වල ඉගැන්වීම් කටයුතු සිදුකරනු ලබන ගුරු මහත්ම මහත්මීන් සුදුසුකම් ලත් ගුරුවරුන් නුයි. දරුවා පාසල් අධ්‍යාපනයෙන් ඈත් වී යෑම අවම කරමින්, උසස් පෙල සදහා පෙරට වඩා ප්‍රායෝගික ලෙස දරුවා යොමුකිරීමට මෙම වැඩසටහන මගින් අවස්ථාව සැලසෙන බවත්, අනාගතයේදී සියලු බාධක ජයගෙන සිය අනාගතය ජය ගන්නා ලෙස තමා සුභාශිංසන එක් කර සිටින බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා මෙහිදී සදහන් කර සිටියේය.

මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහන දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ‍මේනක හේරත්, විල්ගමුව කලාප අධ්‍යපන අධ්‍යක්ෂ එම්.පී.කරුණාරත්න, නාමිණිඔය මධ්‍ය මහ විද්‍යාලය විදුහල්පති එච්. ජී කුලතුංග යන මහත්වරුන් ඇතුළු ගුරු භවතුන්, දෙමාපියන් සහ සිසු දරුවන් පිරිසක් එක් වූහ