Spread the love

අත්‍යාවශ්‍ය සේවා සදහා පමණක් රාජ්‍ය සේවකයින් සේවයට කැදවන ලෙස අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා කර යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී ගැටලු කිහිපයක් පැන නැගී ඇතිබව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ඒ අනුව සේවයට කැදවන සේවකයින් හා සමානව නිවසේ සිටින සේවකයන්ට ද පූර්ණ වැටුප් ගෙවීමට සිදූවීම බව එම අමාත්‍යංශය සදහන් කරයි.

මේ හේතුවෙන් සේවයට කැදවන සේවකයන්ට යම් අසාධාරණයක් සිදුවන බවට අදහස් ඉදිරිපත්ව තිබේ.මෙම තීරණය ක්‍රියාවට නන්වන්නේනම් නිවසේ සිටින සේවකයන්ගේ වැටුපෙන් යම් ප්‍රතිශතයක් කපා හැරීමට යෝජනා ඉදිරිපත් වී ඇතිබව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් කේ.ඩී.එස්.රුවනචන්ද්‍ර මහතා දැනුවත් කර බව පැවසීය.