Spread the love

මුල්කිරිගල ගුනරත්න

සොරකම් රැසක් සම්බන්ධයෙන් පොලිසියට කට්ටි පනිමින් සිටි ”කොස්රංග” ජීව අත් බෝම්බයක් සමගින් පෙරේදා (6) සවස බරවකුඹුක ප්‍රදේශයේදී අගුණකොලපැලැස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාල සැකකරු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදි පොලීසියට ලද තොරතුරක් අනුව ඇඹිලිපිටිය හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ බරවකුඹුක වෙල්යාය අසලදී සැකකරු ගමන් ගත් යතුරු පැදිය නවතා පරීක්ෂා කිරීමේදී ඔහුගේ කලිසමේ සාක්කුවේ තිබී ජීව අත් බෝම්බය සොයාගෙන තිබේ .

අත්අඩංගුවට ගත් සැකකරු ඉදිිරියේදී අගුණකොලපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.කීර්තිරත්න මහතාගේ උපදෙස් මත,අගුණකොලපැලැස්ස පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර මහතා ඇතුළු නිලධාරීන් සිද්ධිය පිළිබද වැඩි දුර පරික්ෂණ පවත්වයි.