Spread the love

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් සකස් කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.

මෑත කාලීනව පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් මියයාම ඉහළ යාම සලකා බලා එම පියවර ගෙන තිබේ.

වසරේ මේ දක්වා කාලය තුළ පමණක් පුද්ගලයින් 20කට අධික සංඛ්‍යාවක් පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගොස් ඇති බව පැවසීය.

ලබන මස 11 වැනිදා ලෝක මානව හිමිකම් දිනයට සමගාමීව එම මාර්ගෝපදේශ එළිදක්වන බව වැඩිදුරටත් පැවසීය.