Spread the love

එළැඹෙන මාසයේ දී කොළඹ නගරයේ අඩු ආදායම්ලාභීන් 250,000කට ඔවුන් සිටින තට්ටු නිවාසවල සින්නක්කර අයිතිය ලබාදීමට තමා පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (17) ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති උත්සවයේ දී ය.

අද ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී “උරුමය” සින්නකර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහනේ තවත් අදියරක් ලෙස මහවැලි වලව කලාපයේ ජනපදිකයින් 1,524 දෙනෙකුට ඔප්පු ලබාදීමේ වැඩසටනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.