2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වනවා.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,663ක දී පැවැත්වෙන විභාගය සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.
විභාගය ආරම්භ වීමට පැය භාගයකට පෙර සියළු විභාග අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව ද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් දැනුම් දෙන්නේ.