Spread the love

ලොව ජනප්‍රියතම Messaging App එකක් වන WhatsApp සඳහා Meta සමාගම විසින් මේ වන විට විවිධ නව විශේෂාංග නිරන්තරයෙන්ම හඳුන්වා දෙමින් සිටි.

ඒ අනුව, මීට පෙර යැවු පණිවුඩ Edit කිරිමේ පහසුකමත්, Chat Lock කිරිමේ පහසුකමත් සහ එකම WhatsApp ගිණුම එකවර දුරකථන කිහිපය භාවිත කිරීමේ හැකියාව ආදි පහසුකම් රැසක් හඳුන්වා දීම සිදු කරනු ලැබුහ.

Meta සමාඟම විසින් මීළඟට WhatsApp Calls සඳහා ScreenShare පහසුකම ලබා දීමට සූදානම් වන බවයි වාර්තා වේ.

මේ පහසුකම Voice, Video දෙක සඳහාම සහාය දක්වයි.

කෙසේ වෙතත් මේ පහසුකම මඟින් Screen Share කිරීමක් නැරඹීම සඳහා ඇමතුමේ සිටින සියලුම පරිශීලකයින් WhatsApp හි නවතම සංස්කරණය භාවිතා කළ යුතුයි.

මේ පහසුකම දැනටමත් බොහෝ Beta පරිශීලකයන් සඳහා නිකුත් කර ඇති අතර නුදුරේදීම මේ පහසුකම එළිදක්වනු ඇති බවට බලාපොරොත්තු විය හැකි බවයි වාර්තා වේ.