Spread the love

ඉන්ධන සඳහා VAT බද්ද පනවා නොතිබුණේ නම්, දැනට අලෙවි වල මිලට වඩා රුපියල් 50/- කින් පමණ ඉන්ධන ලීටරයක මිල අඩුකිරීමේ හැකියාව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසුවේය.

සුපිරි ඩීසල් වැනි ඉහළ පැළැන්තියේ පුද්ගලයන් භාවිතා කරන ඉන්ධන පමණක් මිල අඩු කිරීමටත්, පොදු ජනතාවට එම වාසිය නොලැබීමටත් හේතුව කුමක්දැයි එහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්ණයක් යොමු කළේය

එක් පුද්ගල කාණ්ඩයක් දෙස පමණක් බලා එය සිදු නොකරන බවත්, මිල සූත්‍රයේ ඇති ආකාරයට වියදම් නිරූපනය සඳහා පමණක් මිල සංශෝධනය සිදු කරන බවයි ඒ සඳහා පිළිතුරු ලෙස ඇමතිවරයා පැවසුවේ.