Spread the love

එළඹෙන ජනවාරි මස පළමු වැනිදා සිට ඉන්ධන හා ගෑස් මිලට වෙනස්වීම පිළිබඳව මුදල් අමාත්‍යංශයෙන් අදහස් පල කරයි.

මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මහත්මිය සඳහන් කළේ වැට් බද්ද ක්‍රියාත්මක වීමේදී වරාය හා ගුවන්තොටුපළ බද්ධ ඉන්ධන සහ ගෑස් සඳහා ඉවත් වනු ඇති බවයි.

ඉන්ධන සඳහා එම බද්ද 7.5% ඉවත්වනු ඇති අතරත් ඒ අනුව ඉන්ධන මත බලපානු ඇත්තේ 10.5 %ක බදු ප්‍රතිශතයක් පමණි.

ගෑස් සඳහා වැට් බදු අනුපාතය ක්‍රියාත්මක කිරීමේදී 2.5%ක් වරාය හා ගුවන්තොටුපල බද්ධ ඉවත්වීමත් සමඟ ඒ මත ක්‍රියාත්මක වන නව අනුපාතය 15.5%කි.

ඒ අනුව ජනවාරි පලමුවැනිදා සිට අපේක්‍ෂා කල හැකි ඉන්ධන මිල ගණන් මේ ආසන්න වනු ඇත.

Oct 92 පෙට‍්‍රල් – 380.00
Oct95 පෙට‍්‍රල් – 468.00
සුදු ඩීසල් – 361.00
සුපර් ඩීසල් – 477.00

  • මිල සංශෝධනය ගැන රජය නිල වශයෙන් නිවේදනය කර නැති අතර ප‍්‍රකාශිත ප‍්‍රතිශතයන් මත වර්තමාන මිල ගැලපූ අගයන් පමණක් ඉහත දැක්වෙයි.