Spread the love

ලෝක ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන සෙලීන් ඩියෝන් විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලුම ප්‍රසංග අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඇය දුර්ලභ ස්නායු ආබාධයකින් පෙළෙන අතර දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මෙම අවලංගු කිරීම් සිදුකර ඇති බවය.

සෙලීන් ඩියෝන් 2023 සහ 2024 වර්ෂ සඳහා නියමිත සියලුම සංදර්ශන හා සංචාර අවලංගු කර ඇත.

ට්විටර් සටහනක් තබමින් 55 හැවිරිදි ඇය රසිකයන්ට පවසා ඇත්තේ ඔවුන් අපහසුතාවයට පත්වීම ගැන කණගාටුයි වන බවය.